Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

බ්‍රිතාන්‍යයේ දී කන්ටේනර් රථයක තිබී හමුවූ මලසිරුරු වියට්නාම ජාතිකයින්ගේ බවට නිල වශයෙන් තහවුරුවෙයි  

Add comments

බ්‍රිතාන්‍යයේ දී කන්ටේනර් රථයක තිබී හමුවූ පුද්ගල මලසිරුරු 39 වියට්නාම ජාතිකයින්ගේ බවට නිල වශයෙන් තහවුරුවී තිබෙනවා.

බ්‍රිතාන්‍ය පොලීසිය සහ වියට්නාම බලධාරීන් මේ බව සනාථ කළා. පසුගිය 23 වනදා මෙම මළසිරුරු සහිත කන්ටේනරය හමුවූයේ බ්‍රිතාන්‍ය සසෙක්ස් ප්‍රාන්තයේදීයි. බෙල්ජියමේ සිට ගොඩබිම් මාර්ගයකින් එම ට්‍රක් රථය බ්‍රිතාන්‍යයට ඇතුළුවී තිබුණා. අධි ශීතකරනය කළ මෙම කන්ටේනර් රථයේ තිබූ සිරුරු චීන ජාතිකයින්ගේ බවටයි මීට පෙර හඳුනාගෙන තිබුණේ. එහෙත් සිදුකළ පරීක්ෂණවලදී හෙළිවූයේ ඒවා වියට්නාම ජාතිකයින්ගේ බවටයි. මෙම මිනිස් ජාවාරම සම්බන්ධයෙන් වියට්නාම ජාතිකයින් 11 දෙනෙකු මේ වනවිට අත්අඩංගුවට ගෙන තිබෙනවා.

 

 

The post බ්‍රිතාන්‍යයේ දී කන්ටේනර් රථයක තිබී හමුවූ මලසිරුරු වියට්නාම ජාතිකයින්ගේ බවට නිල වශයෙන් තහවුරුවෙයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG