Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

විශ්‍රාමික ආබාධිත හමුදා සෙබලෙකුට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් විමර්ශන  

Add comments

විශ්‍රාමික ආබාධිත හමුදා සෙබලෙකුට පොදුජන පෙරමුණේ ප්‍රාදේශිය සභා මන්ත්‍රීවරයෙකු පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් විමර්ශන ක්‍රියාත්මක වනවා.

ඩබ්ලිව් එම් කරුණාපාල නමැති මෙම ආබාධිත සෙබලා නාරම්මල, මැටියගනේ, උඩවල ප්‍රදේශයේ සිල්ලර වෙළෙදසැලක් පවත්වාගෙන යනවා.

ඔහුගේ වෙළෙදසැලට පැමිණි නාරම්මල ප්‍රාදේශිය සභා මන්ත්‍රීවරයෙකු වන අරුණ ශාන්ත නමැත්තා මෙම පහරදීම සිදුකර ඇති බවයි අප වාර්තාකරු පවසන්නේ.

පහරදීමෙන් තුවාල ලැබූ විශ්‍රාමික ආබාධිත සෙබලා රෝහල් ගතකර තිබෙනවා. සැකකරු ප්‍රදේශයෙන් පළාගොස් ඇති බවයි වාර්තා වන්නේ.

මෙම විශ්‍රාමික සෙබලා ක්‍රියාන්විත රාජකාරියේ යෙදී සිටියදී බෝම්බ ප්‍රහාරයකට ලක්වීමෙන් ඔහුගේ වම්පාදය ආබාදිත තත්ත්වයට පත්වුණා.

 

 

 

The post විශ්‍රාමික ආබාධිත හමුදා සෙබලෙකුට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් විමර්ශන appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG