උතුරු කළුතර ප්‍රදේශයේ වෙරළ ඛාදනය උග්‍ර වීම හේතුවෙන් ධීවර සංචාරක මෙන්ම සාමාන්‍ය ජන ජීවිතයට ද බාධා එල්ලවී ඇති බව ප්‍රදේශවාසීන් පවසනවා. ඒ පිළිබද විරෝධය පළ කළ එම ජනතාව කඩිනමින් මේ සදහා විසදුමක් ලබා දෙන ලෙස ඉල්ලා සිටිනවා.
සංචාරක මෙන්ම ධීවර ක්ෂේත්‍රයන්ට සම්බන්ධ රැකියා සිදු කරන බොහෝ පිරිසක් උතුරු කළුතර වෙරළ තීරය අශ්‍රිතව ජීවත් වනවා. එහෙත් පසුගිය කාලය පුරා කැලිඩෝ වෙරළ තීරයත් උතුරු කළුතර වෙරළ තීරයටත් අත්ව ඇත්තේ කණගාටුදායක ඉරණමක් බව එම ජනතාව පෙන්වා දෙනවා. වෙරළ ඛාදනය උග්‍රවීම හේතුවෙන් වෙරළට සමාන්තරව ඇති මාර්ගවල වැලි ගොඩ ගැසී ඇති ආකාරය දැකගත හැකියි.
මීට විසදුමක් ලෙස ගල්වැටි දැමීම ආරම්භ කළද එය අසාර්ථක බවයි ප්‍රදේශවාසීන් පෙන්වා දෙන්නේ. වෙරළබඩ විවේකාරාමයට ද දැඩි හානි සිදුව තිබෙනවා. ධීවර හා නාවික ඉංජිනේරු විදුහල් ගොඩනැගිල්ල කඩා වැටීමට ආසන්නව ඇත්තේ වෙරළ ඛාදනය හේතුවෙන්. මෙම ගැටලුවලට නිසි විසදුමක් ලබා දෙන ලෙස ඉල්ලා උතුරු කළුතර ප්‍රදේශයේ දී ජනතාව විරෝධතාවක් ද පැවැත්වුණා.
The post උතුරු කළුතර වෙරළ ඛාදනය උග්‍ර වෙයි appeared first on ITN News.
Post a Comment