Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

වන අලි ගම්වැදීමෙන් මැදිරිගිරිය, මී ගොල්ලෑව ජනතාව භීතියට පත් වෙයි  

Add comments

වන අලි ගම්වැදීම හේතුවෙන් මැදිරිගිරිය, මී ගොල්ලෑව ගම්මානයේ ජනතාව භීතියට පත්ව සිටිනවා.

මේ දිනවල මීගොල්ලෑව ඇතුළු ප්‍ර දේශ රැසකට දැඩි වර්ෂාපතනයක් ලැබෙමින් පවතිනවා. ඒ හේතුවෙන් වන අලින් ආහාර සොයා ගම්මානවලට පැමිණෙන බවයි ජනතාව පවසන්නේ. මැදිරිගිරිය, අඹගස්වැව, එළබටුවැව, මී ගොල්ලෑව ඇතුළු ගම්මාන රැසකට සවස් කාලයේදී වන අලින් පැමිණීම හේතුවෙන් ජනතාව බියට පත්ව සිටිනවා.  නිවෙස්වල ඇති වී ගබඩාවලට පහර දී පලායන වන අලීන් ගම්මානයේ ඇති සෙසු බෝග ද විනාශ කරන බවයි ජනතාව පවසන්නේ. නිවාස කිහිපයකට ද හානි සිදු කිරීම හේතුවෙන් ජනතාව අසරණ තත්ත්වයට පත්ව සිටිනවා.  සෝමාවතිය සහ කවුඩුල්ල යන ජාතික වනෝද්‍යානවල සිට පැමිණෙන වන අලින්ගෙන් සිදුවන හිරිහැර සම්බන්ධයෙන් අදාළ බලධාරීන් දැනුවත් කිරීමට පියවර ගත්තද මේ වන විට කිසිදු පිළිතුරක් ලැබී නැති බවයි ගම්වාසීන් චෝදනා කරන්නේ.

 

 

The post වන අලි ගම්වැදීමෙන් මැදිරිගිරිය, මී ගොල්ලෑව ජනතාව භීතියට පත් වෙයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG