නව ආරක්ෂක මූලස්ථානය විවෘත කිරීමට සමගාමීව ශ්‍රී‍්‍ර ලංකා යුධ හමුදා සාමාජිකයන්ට හා රටට සෙත්පතා සිදුකරන යුධ හමුදා ශ්‍රී‍්‍රපාද තරණය සමාරම්භය පෙරවරුවේ සිදුවුණා.
ඒ යුධ හමුදාපති ලුතිනන් ජෙනරාල් ෂවේන්ද්‍ර සිල්වා මහතාගේ ප‍්‍රධානත්වයෙන් නව යුධ හමුදා මූලස්ථානය ඉදිරිපිටදී. මූලස්ථානයේ සිට නක්කාවිට පන්සල දක්වා කිලෝමීටර 80 ක් පාපැදියෙන් ගමන් ගන්නා හමුදා සාමාජිකයන් පසුව මාලිම්බඩ පාසල දක්වා කිලෝමීටර 8 ක් පයින් ගමන් කිරීමට සැලසුම් කර තිබෙනවා.
ඉන්පසුව හෙට දිනයේ මාලිම්බඩ සිට කොම්පාස් උපකරණ යොදාගනිමින් නව මාර්ගයක් ඔස්සේ ශ‍්‍රීපාද ස්ථානයට ළඟාවී ආගමික වතාවත් සිදුකිරීම සැලසුම බවයි යුධ හමුදාව පවසන්නේ.
The post යුධ හමුදා ශ්‍රී‍්‍රපාද තරණය ඇරඹෙයි appeared first on ITN News.
Post a Comment