Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

කළුගඟ ජලාශයේ දියවර මංගල්‍යය අද  

Add comments

කළුගඟ ජලාශ දියවර මංගල්‍යය හා අඹන නව නගරය ජනතා අයිතියට පත්කිරීම අද (07) පෙරවරුවේ සිදුවනවා.

ඒ ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන්. කළුගඟ ජලාශය නිර්මාණය කර ඇත්තේ ලග්ගල – පල්ලෙගම ප‍්‍රදේශයේදී කළුගඟ හරස් කරමින්. මෙහි සම්පූර්ණ ධාරිතාව ඝන මීටර දස ලක්ෂ දෙසීය හතළිස් අටක්. ජලාශයේ ප‍්‍රධාන වේල්ල මීටර 618 ක දිගකින් සමන්විතයි. එහි උස මීටර 68 ක්. කළුගඟ පහළ නිම්න ප‍්‍රදේශයේ නැවත පදිංචි කරන පවුල් තුන්දහස සඳහා ජලය සැපයීමටත් කටයුතු යොදා තිබෙනවා.

අක්කර දෙදහසක වගා කටයුතු වෙනුවෙන් ජලය සැපයීමෙන් අනතුරුව අතිරික්ත ජලය නිකුත් කෙරෙන්නේ මොරගහකන්ද ජලාශයට. ඒ සඳහා කිලෝමීටර 9 ක ඇල මාර්ගයක් ඉදිකර තිබෙනවා. වයඹ ප‍්‍රදේශයේ පවුල් හතළිස් දහසකට පමණ ඉන් සෙත සැලසෙන බවයි ජනාධිපති මාධ්‍ය ඒකකය සඳහන් කළේ.

මේ අතර මොරගහකන්ද කළුගඟ ජල ව්‍යාපෘතිය ජාතියට දායාද කිරිමට හැකිවීම ගොවිජනතාව වෙනුවෙන් ඉටුකිරීමට හැකිවූ යුග මෙහෙවරක් බවයි ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා පවසන්නේ. පොළොන්නරුවේ පැවැති වැඩසටහනකට එක්වෙමින් ජනාධිපතිතුමා මේ අදහස් පළකළා.

The post කළුගඟ ජලාශයේ දියවර මංගල්‍යය අද appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG