Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

සරල බදු ක‍්‍රමයක් ක‍්‍රියාත්මක කරන බව ගෝඨාභය කියයි  

Add comments

දේශීය කර්මාන්ත නගා සිටුවීම මෙන්ම ආයෝජකයින් හා ව්‍යාපාරිකයින් දිරිගන්වා රටේ ආදායම ශක්තිමත් කිරීම සරල බදු ක්‍රමයක් ක්‍රියාත්මක කිරීමේ ප්‍රමුඛ අරමුණ බව ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා.

සියලු දේශීය කර්මාන්ත නගා සිටුවීමේ ප්‍රායෝගික වැඩපිලිවෙල ක්‍රියාත්මක කරන බවයි ඒ මහතා ප්‍රකාශ කළේ.

ශ්‍රී ලංකා  පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජය තහවුරු කිරීම වෙනුවෙන් පැවැත්වෙන ජන රැළි මාලාවේ තවත් ජන රැළියක් මතුගම නගරයේදී පැවැත්වුණා. සාර්ථක දැක්මක් වැඩකරන රටක් යන තේමාවෙනුයි ජන හමුව පැවැත්වුණේ. ගෝඨාභය රාජපක්ෂ මහතාට සහාය පලකරමින් මහජන නියෝජිතයන් ඇතුළු විශාල පිරිසක් ඊට එක්ව සිටියා. විපක්ෂ නායක  මහින්ද රාජපක්ෂ මහතාද ජන රැළිය ඇමතුවා.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ගෝඨාභය රාජපක්ෂ මහතා කියා සිටියේ තමා ඉදිරිපත් කර ඇති ප්‍රතිපත්ති ප්‍රකානශයේ සියලු යෝජනා  ක්‍රියාත්මක කළ හැකි බවයි.

The post සරල බදු ක‍්‍රමයක් ක‍්‍රියාත්මක කරන බව ගෝඨාභය කියයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG