දක්ෂිණ අධිවේගී මාර්ගයේ තුන්වන සහ හතරවන කොටස් අද (07) පෙරවරුවේ විවෘත කරන බව මාර්ග සංවර්ධන අධිකාරිය ප‍්‍රකාශ කළා.
බරවාකුඹුරේ සිට මත්තල ගුවන් තොටුපොළ හා හම්බන්තොට වරාය දක්වා වන කොටස් ඊට අයත්. දක්ෂිණ අධිවේගී මාර්ගය හා කොළඹ කටුනායක ගුවන් තොටුපොළ අධිවේගී මාර්ගය යාකෙරෙන පිටත වටරවුම් මාර්ගයේ දෙවන කොටස ද අද (07) තුන්වන කොටසට යාකරන බවයි මාර්ග සංවර්ධන අධිකාරිය පෙන්වාදුන්නේ.
ඒ අනුව කටුනායක සිට මත්තල ගුවන් තොටුපොළ යාකිරීමේ මාර්ග විවෘත වන බවයි සභාපති නිහාල් සූරියආරච්චි මහතා සඳහන් කළේ.
මධ්‍යම අධිවේගී මාර්ගයේ කිලෝමීටර 40 ක කොටසක් ද මාර්තු වනවිට ජනතා අයිතියට පත්කරන බව සභාපතිවරයා පෙන්වාදුන්නා.
The post දක්ෂිණ අධිවේගී මාර්ගයේ තවත් කොටස් දෙකක් අද විවෘත කෙරේ appeared first on ITN News.
Post a Comment