Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

බැසිල්ගේ නඩුව ජනවාරි කැඳවීමට මහාධිකරණය දින දෙයි  

Add comments

හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාට එරෙහිව පවරා ඇති නඩුව ලබන ජනවාරි 20 වනදා කැදවීමට කොළඹ මහාධීකරණය අද නියෝග කළා. දිවි නැගුම සංවර්ධන දෙපාර්තමේන්තවේ රුපියල් මිලියන 36 කට අධික මුදලක් සාවද්‍ය ලෙස පරිහරණය කළ බව කියන සිද්ධීයකට අදාළවයි නඩුව පවරා තිබෙන්නේ.

හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා සහ දිවිනැගුම දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ කිත්සිරි රණවක යන අයට එරෙහිවයි නඩුව පවරා තිබෙන්නේ. නඩුවට අදාළව ඇතැම් ලේඛන විත්ති පාර්ශ්වයට මෙතෙක් ලැබී නොමැති බව අධිකරණයට දැනුම් දුන්නා. ඒවා විත්ති පාර්ශ්වයට ලබා දීමට අවශ්‍ය කටයුතු කරන බව ද නීතිපතිවරයා අධිකරණය හමුවේ ප්‍රකාශ කළා. පසුගිය ජනාධිපතිවරණ සමයේදි දිවි නැගුම සංවර්ධන දෙපාර්තමේන්තුවේ රුපියල් මිලියන 36 කට අධික මුදලක් වැය කරමින් ජි අයි බට මිලදී ගෙන පළාත් පාලන ආයතන වෙත බෙදා හැරි බව කියන සිද්ධිය සම්බන්ධයෙන් මොවුන් දෙදෙනා චෝදනා ලබා සිටිනවා.

The post බැසිල්ගේ නඩුව ජනවාරි කැඳවීමට මහාධිකරණය දින දෙයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG