බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව නව කතානායකවරයෙක් තෝරා පත් කරගෙන තිබෙනවා.
කම්කරු පක්ෂය නියෝජනය කරන ලින්ඩිසි හොයිල් මෙසේ නව කතානායකවරයා ලෙස තේරි පත් වුණා. බ්‍රිතාන්‍ය යුරෝපා සංගමයෙන් වෙන්වීමේ බ්‍රෙක්සිට් යෝජනාව මිට වසර තුනකට පෙර ගෙන ආ අවස්ථාවේ සිට බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ කතානායක ධූරය ඉතා වැදගත් තනතුරක් වුණා. මීට පෙර කතානායකවරයා ලෙස කටයුතු කළ ජෝර්න් බර්කවු වසර 10 ක එම ධුරයෙහි ක්‍රියා කළා. බ්‍රෙක්සිට් යෝජනාව ක්‍රියාත්මක වනවාට විරුද්ධ මතධාරීන්ට ඔහු පක්ෂපාතිව ක්‍රියා කළ බවට චෝදනා එල්ල වුණා. හොයිල් 2010 වසරේ සිට බ්‍රිතාන්‍ය නියෝජ්‍ය කතානායකවරයා ලෙස කටයුතු කළා. පාර්ලිමේන්තවේ ඡන්ද 325 න් 213 ක බහුතරයක් සහිතවයි ඔහු කතානායක ධුරය සඳහා තේරි පත් වුණේ.
The post බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවට නව කතානායකවරයෙක් appeared first on ITN News.
Post a Comment