නීතිවිරෝධිව දුම්වැටි තොගයක් මෙරටට රැගෙන ආ පුද්ගලයින් තුන්දෙනෙකු කටුනායක දි අත්අඩංගුවට ගත්තා. සැකකරුවන් අතර කාන්තාවක ද වන බව ගුවන්තොටුපොළ රේගුව සඳහන් කළා.
දුම්වැටි තොගයේ වටිනාකම රුපියල් ලක්ෂ 41 ඉක්මවනවා. ඩුබායි සිට පැමිණි ගුවන් යානයකින් මෙම පුද්ගලයින් මෙරටට පැමිණ තිබෙනවා. ඔවුන් රැගෙන ආ ගමන් මළු පරීක්ෂා කිරිමේදියි දුම්වැටි සොයාගෙන තිබෙන්නේ.දුම්වැටි කාටන් 279 ක් හා ඇසුරුම් 673 ක් සොයා ගත් බවයි රේගුව ප්‍රකාශ කළේ.
The post නීතිවිරෝධිව දුම්වැටි තොගයක් මෙරටට රැගෙන ආ පුද්ගලයින් තුන්දෙනෙකු කටුනායක දි අත්අඩංගුවට appeared first on ITN News.
Post a Comment