රුපියල් පන්දහසේ ව්‍යාජ නෝට්ටු හතක් සමඟ පුද්ගලයන් 4 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ බොරලැස්ගමුව ප‍්‍රදේශයේ මත්පැන් අලෙවි සැලකදී අත්අඩංගුවට ගත් පුද්ගලයෙකුගෙන් ලබාගත් තොරතුරු මත සිදුකළ වැටලීමකදීයි.
ඔහු ව්‍යාජ නෝට්ටුවක් ලබාදී මත්පැන් මිලදී ගැනීමට යාමේදී අත්අඩංගුවට ගත් බවයි පොලිසිය සඳහන් කළේ. එම පුද්ගලයාගෙන් සිදුකළ ප‍්‍රශ්න කිරිම්වලදී ව්‍යාජ මුදල් නෝට්ටු මුද්‍රණය කරන ස්ථානය පිළිබඳ තොරතුරු අනාවරණය වී තිබෙනවා. පසුව එම ස්ථානයේ සිදුකළ වැටලීමේදී රුපියල් පන්දහසේ මුදල් නෝට්ටු මෙන්ම ඒවා මුද්‍රණය කිරිම සඳහා යොදාගත් ලැප්ටොප් පරිගණකය සහ ස්කෑන් යන්ත‍්‍රයක් ද පොලිස් භාරයට ගෙන තිබෙනවා. අත්අඩංගුවට ගත් සැකකරුවන් බොරලැස්ගමුව, ගනේමුල්ල, වීරකැටිය සහ දෙහිවල ප‍්‍රදේශවල පදිංචි කරුවන්. ඔවුන් නුගේගොඩ මහේස්ත‍්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිත බවයි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක කාර්යාලය සඳහන් කළේ.
The post රුපියල් පන්දහසේ ව්‍යාජ නෝට්ටු සමඟ පුද්ගලයන් හතර දෙනෙකු අත්අඩංගුවට appeared first on ITN News.
Post a Comment