Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

සෝමාලියාවට බලපා ඇති අයහපත් කාලගුණයෙන් දෙලක්ෂ හැත්තෑදහසකට අධික පිරිසක් අවතැන්  

Add comments

සෝමාලියාවට බලපා ඇති අයහපත් කාලගුණයෙන් පුද්ගලයින් දෙලක්ෂ හැත්තෑදහසකට අධික පිරිසක් අවතැන්ව සිටිනවා.

පසුගිය දිනවල ඇදහැලුණු අධික වර්ෂාව හේතුවෙන් සෝමාලියාවේ ප්‍රදේශ රැසක් ගංවතුරෙන් යටවී තිබෙනවා. එරට ආපදා අංශ සදහන් කරන්නේ ඉන් පුද්ගලයින් දස දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි. මධ්‍යම සහ දකුණුදිග ප්‍රදේශවලටයි ගංවතුරෙන් වැඩි බලපෑම් එල්ලවී ඇත්තේ.

මේ අතර නැගෙනහිර අප්‍රිකාවට තවත් නිවර්තන සුළි කුණාටුවකින් බලපෑම් එල්ල විය හැකි බව එරට කාලගුණ අංශ අනතුරු අඟවා තිබෙනවා. ඒ හේතුවෙන් අප්‍රිකාවේ මිලියනයක පමණ ජනතාවට බලපෑම් එල්ල විය හැකි බවයි පැවසෙන්නේ.

 

 

The post සෝමාලියාවට බලපා ඇති අයහපත් කාලගුණයෙන් දෙලක්ෂ හැත්තෑදහසකට අධික පිරිසක් අවතැන් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG