ඕස්ට්‍රේලියාවට බලපා ඇති ලැව් ගිනි හේතුවෙන් පුද්ගලයින් තුන් දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. පුද්ගලයින් හතර දෙනෙකු අතුරුදන්ව ඇති බවයි වාර්තා වන්නේ.
ලැව් ගිනි හේතුවෙන් සිදුවූ මරණ සංඛ්‍යාව තවදුරටත් ඉහළ යා හැකි බවයි ඕස්ට්‍රේලියා බලධාරීන් පවසන්නේ. විවිධ ස්ථානවල ඇති ගිනි ගැනීම් සියයක් පමණ නිවීම සඳහා ගිනි නිවන භටයින් දෙදහස් තුන්සිය දෙනෙකු යොදවා සිටිනවා. ක්වීන්ස්ලන්ඩ් සහ නිව් සවුත්වේල්ස් යන ප්‍රාන්තවල ගිනි නිවීම සඳහා ස්වෙච්ඡා සේවකයින් ද පැමිණ ඇති බව සඳහන්. නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ නිවාස 150ක් පමණ විනාශ වී තිබෙනවා. වියළි කාලගුණය සහිත ප්‍රදේශවල හමායන තද සුළං හේතුවෙන් ගින්න පැතිර යන බවයි බලධාරීන් පවසන්නේ.
The post ඕස්ට්‍රේලියාවේ ලැව් ගිනි හේතුවෙන් පුද්ගලයින් තුන් දෙනෙකු ජීවිතක්ෂයට appeared first on ITN News.
Post a Comment