බ‍්‍රසීල හිටපු ජනාධිපති ලූලා ද සිල්වා සිය පාක්ෂිකයන් ආමන්ත‍්‍රණය කළා. ඒ බන්ධනාගාරයෙන් නිදහස්වීමෙන් පසු පළමු වරට ජනතාව හමුවෙමින්.
සාවෝ පාවුලෝ ප‍්‍රදේශයේ වෙරළ ආසන්න ගොඩනැගිල්ලක් මිලදී ගැනීමේදී සිදුවූ බව කියන වංචා සහ දූෂණ චෝදනා හේතුවෙන් ඔහුව බන්ධනාගාරගත කර තිබුණා. කන්සවේටිව් පක්ෂයේ වර්තමාන නායකයාට ඉදිරියේදී සාමකාමීව කාලය ගත කිරීමට හැකි වනු ඇතැයි ද හිටපු ජනාධිපතිවරයා ජනතාව අමතමින් ප‍්‍රකාශ කළා. 2022 බ‍්‍රසීල ජනාධිපතිවරණය සඳහා ලූලා ද සිල්වා ඉදිරිපත් වන බවට ද මත පළව තිබෙනවා. ඔහුගේ පෞද්ගලික ට්විටර් ගිණුමේ ද ඊට සම්බන්ධ ප‍්‍රකාශ පවතින බවයි විදෙස් ප‍්‍රවෘත්ති වාර්තා සඳහන් කරන්නේ. තම නිර්ද්‍යෝෂීභාවය තහවුරු කිරීම සඳහා ඉදිරියේදී සටන් කරන බවට ද ඔහු ජනතාව ඉදිරියේ පොරොන්දුවී තිබෙනවා. බ‍්‍රසීලයේ පළමු කම්කරු පන්ති ජනාධිපතිවරයා ලෙසයි ලූලා සැලකෙන්නේ. 2003 සිට 2010 දක්වා පාලන කාලයේදී බ‍්‍රසීලයට නායකත්වය දුන් ඔහු මිලියන ගණනක් ධරිද්‍රතාවෙන් මුදාගැනීම හේතුවෙන් ඉහළ ජනපි‍්‍රයත්වයක් ද ලබාගත්තා.
The post නිර්ද්‍යෝෂීභාවය තහවුරු කරන බව බ‍්‍රසීල හිටපු ජනපති කියයි appeared first on ITN News.
Post a Comment