Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

හෙරොයින් සමග සැකකරුවෙකු අත්අඩංගුවට  

Add comments

හෙරොයින් සමග සැකකරුවෙකු මොනරාගල,  පලාරුව ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලීසියට ලැබුණු තොරතුරකට අනුව සිදුකළ වැටලීමකදීයි සැකකරු අත්අඩංගුවට ගැණුනේ. ඔහු සතුව තිබී හෙරොයින් ග්‍රෑම් දහයකට අධික ප්‍රමාණයක් සොයා ගැනීමට පොලීසිය සමත්වුණා. සැකකරු වයස අවුරුදු 30ක් වන නිට්ටඹුව ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. සිද්ධිය සම්බන්ධයෙන් මොනරාගල පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනවා.

මේ අතර ගෝඩා ලීටර් 112කට අධික ප්‍රමාණයක් සමග සැකකරුවෙකු වාද්දුව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.  වාද්දුව පොලිස් ස්ථානයෙන් නිලධාරින් ලද තොරතුරක් මතයි වැටලීම සිදු කෙරුණේ.

පෑලියගොඩ බස්නාහිර පළාත් උතුර දිසා අපරාධ කොට්ඨාසයේ නිළධාරින්ට ලැබුණු තොරතුරක් මත සිදු කළ වැටලීමකදී නීති විරෝධි මත්පැන් විශාල ප්‍රමාණයක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔහු වයස අවුරුදු 36ක් වන හපුතලේ ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මකයි.

 

 

 

The post හෙරොයින් සමග සැකකරුවෙකු අත්අඩංගුවට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG