Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

දකුණු ආසියානු ක්‍රීඩා උලෙළට සහභාගි වන සිසුන්ට නේපාලයේදී සාමාන්‍ය පෙළ විභාගයට මුහුණදීමට අවස්ථාව  

Add comments

නේපාලයේ පැවැත්වෙන 13 වන දකුණු ආසියානු ක්‍රීඩා උලෙළට සහභාගි වන සිසුන්ට මෙවර සාමාන්‍ය පෙළ විභාගයට එරට සිට මුහුණදීමට අවස්ථාව සළසා දෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය සදහන් කරනවා.

අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ උපදෙස් මතයි එම සිසුන්ට මෙම අවස්ථාව හිමිව තිබෙන්නේ. දකුණු ආසියානු ක්‍රීඩා උලෙළට ශ්‍රී ලංකාවය නියෝජනය කරමින් පාසල් සිසුන් 7 දෙනෙකු සහභාගි වනවා. විදේශ කටයුතු අමාත්‍යාංශයේ සහයෝගය ඇතිව නේපාලයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සමග එක්ව එම සිසුන්ට සාමාන්‍ය පෙළ විභාගයට නේපාලයේ සිට මුහුණදීමට අවස්ථාව සලසා දෙන බවයි අධ්‍යාපන අමාත්‍යාංශය වැඩිදුරටත් සදහන් කරන්නේ.

එරට වෙත පිටත්ව යන විභාග දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් කණ්ඩායමක් විසින් සියලු අධීක්ෂණ කටයුතු සිදුකරනවා. ඊට අදාළ සියලු වියදම් දැරීමට ජාතික ඔලිම්පික් කමිටුව එකගවී තිබෙනවා.

 

 

 

The post දකුණු ආසියානු ක්‍රීඩා උලෙළට සහභාගි වන සිසුන්ට නේපාලයේදී සාමාන්‍ය පෙළ විභාගයට මුහුණදීමට අවස්ථාව appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG