Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

තැපැල් ඡන්ද සළකුණු කිරීමේ දෙවන දිනය සාර්ථකව අවසන්  

Add comments

ජනාධිපතිවරණයේ තැපැල් ඡන්ද සළකුණු කිරීමේ දෙවන දිනය සාර්ථකව අවසන් වුණා.

ඊයේ (31) සහ අද (01) ඡන්දය භාවිත කිරීමට නොහැකි වූ ඡන්ද දායකයන්ට ලබන හත්වනදා දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලවලදී ඡන්දය සළකුණු කළ හැකියි.

තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීමට රාජ්‍ය සේවකයින් හත්ලක්ෂ දාහත්දහස් අටසිය හැත්තෑ එක් දෙනෙකු ඉල්ලුම් කර තිබුණා. ඉන් හයලක්ෂ පනස්නව දහස් තිස් දෙනෙකු තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලබා සිටිනවා.

සියලුම පොලිස් ස්ථාන හා දිස්ත්‍රික් ලේකම් කාර්යාලවල නිලධාරීන්ට තැපැල් ඡන්ද මධ්‍යස්ථානවල ආරක්ෂාව සහ අධීක්ෂණ කටයුතු පැවරී ඇති බැවින් ඔවුන්ට තැපැල් ඡන්ද සළකුණු කිරීමට ලබන 4 සහ 5 යන දිනයන්හිදී අවස්ථාව සලසා තිබෙනවා.

The post තැපැල් ඡන්ද සළකුණු කිරීමේ දෙවන දිනය සාර්ථකව අවසන් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG