දිල්ලියේ මුහුණු ආවරණ මිලියන පහක් බෙදාදීමට ඉන්දීය රජ පියවර ගෙන තිබෙනවා.
පළමු අදියරේදී පාසල් සිසුන් සඳහා මෙම මුහුණු ආවරණ පිරිනැමීමයි සැලසුම. දිනෙන් දින ඉහළ යන වායු දූෂණය ඊට හේතුව බවයි ඉන්දීය බලධාරින් පවසන්නේ. වාතයේ අවදානම් අංශු මට්ටමට වඩා විසි ගුණයක වැඩි අවදානමක් දිල්ලිය ආශි‍්‍රතව පවතින බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය ප‍්‍රකාශ කළේ.
ලබන අඟහරුවාදා දක්වා දිල්ලියේ සහ ඒ අවට පාසල් වසාදමා තිබෙනවා. රථ වාහන ගමනා ගමනය ද ඉතා දැඩි ලෙස සීමා කර ඇති බවයි දිල්ලි මහ ඇමති අරවින්ද් කෙජ්රිවාල් ප‍්‍රකාශ කළේ.
The post මුහුණු ආවරණ ලක්ෂ 50 ක් බෙදාහැරිමට ඉන්දියාව සූදානම් appeared first on ITN News.
Post a Comment