වීරකැටිය තංගල්ල මාර්ගයේ සිදුවූ රියඅනතුරකින් කුඩා දරුවන් දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්වුණා.
මවක් ඇගේ දියණිය සහ පුතා සමඟ බස් රථයකින් බැස මාර්ගය හරහා මාරුවීමට උත්සාහ කිරීමේදී මෝටර් රථයක ගැටී ඇති බවයි පොලීසිය පවසන්නේ. මියගොස් ඇත්තේ දොළොස් හැවිරිදි සහ හය හැවිරිදි වියෙහි පසුවන දරුවන් දෙදෙනෙක්.
මව වැඩිදුර ප‍්‍රතිකාර සඳහා මාතර මහ රෝහලට ඇතුලත් කර තිබෙනවා. අනතුරෙන් පසු මෝටර් රථය පළාගොස් ඇති අතර, පසුව එය අත්අඩංගුවට ගැනීමට පොලීසිය සමත් වුණා. මෝටර් රථය පදවා ඇත්තේ පහළොස් හැවිරිදි අයෙක් බවයි පරීක්ෂණවලදී හෙළිවුණේ. මෝටර් රථයේ ලියාපදිංචි අයිතිකරු සහ එහි ගමන් කළ තවත් පුද්ගලයෙක් ද අත්අඩංගුවට ගෙන තිබෙනවා.
The post රියඅනතුරකින් කුඩා දරුවන් දෙදෙනෙක් ජීවිතක්ෂයට appeared first on ITN News.
Post a Comment