තැපැල් ඡන්දය භාවිත කරන අවස්ථාවේ දී එම ඡන්ද පත්‍රිකාව ජංගම දුරකතන මගින් ඡායාරූප ගත කළ පුද්ගලයින් තුන් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
කැකිරාව සහ කටුගස්තොට ප්‍රදේශවලින් මෙම සැකකරුවන් අත්අඩංගුවට ගැණුනා. ගුරුවරුන් දෙදෙනෙකු සහ පාසල් මුරකරුවෙකු ඒ අතර වනවා. එමෙන්ම සලකුණු කරන ලද ඡන්ද පත්‍රිකා ඡායාරූප ගත කර ඒවා සමාජ මාධ්‍ය වෙත මුදාහැරි පුද්ගලියින් කිහිප දෙනෙකු පිළිබදව ද මැතිවරණ කොමිෂන් සභාවේ උපදෙස් මත විමර්ශන ආරම්භ කර තිබෙනවා.
එවැනි ක්‍රියාවලින් වලකින ලෙසයි මැතිවරණ කොමිෂන් සභාව ජනතාවට දැනුම් දෙන්නේ.
The post තැපැල් ඡන්ද පත‍්‍රිකා ඡායාරූපගත කළ තුන් දෙනෙක් අත්අඩංගුවට appeared first on ITN News.
Post a Comment