Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

මැතිවරණ කොමිසම හා පක්ෂ ලේකම්වරුන් අතර විශේෂ සාකච්ඡාවක්  

Add comments

ජනාධිපතිවරණ ඡන්ද විමසීමට අදාල සියලු අකෘති පත‍්‍ර දිස්ත‍්‍රික් ලේකම්වරුන්ට යොමු කළ බව මැතිවරණ කොමිසම ප‍්‍රකාශ කළා.

රජයේ මුද්‍රණාලය මගින් මුද්‍රණය කළ ඡන්ද පත‍්‍රිකා එක්කෝටි හැත්තෑ ලක්ෂයකට අධික සංඛ්‍යාවක් මැතිවරණ කොමිසමට භාරදී තිබෙනවා. ඒ අනූවයි සියලු පත‍්‍රිකා නිලධාරින් වෙත යොමුකර තිබෙන්නේ.

මේ අතර මැතිවරණ කොමිසම හා පක්ෂ ලේකම්වරුන් අතර විශේෂ සාකච්ඡාවක් පෙරවරු 10ට ආරම්භ වනවා. ජනාධිපතිවරණයේ ඉදිරි ක‍්‍රියාමාර්ග පිළිබඳ සාකච්ඡා කිරිමයි අරමුණ.
තැපැල් ඡන්ද සළකුණු කිරිමට නොහැකි වූ තැපැල් ඡන්ද හිමියන් වෙනුවෙන් හෙට (07)  දිනයේ දී ඒ සඳහා අවස්ථාව සළසා තිබෙනවා. පසුගිය මස 31 එය සළකුණු කිරිම ආරම්භ වුණා. පසුගිය පළමු දා, පෙරේදා සහ ඊයේ දිනයේදී ද තැපැල් ඡන්දය සළකුණු කළ බවයි කොමිසම පවසන්නේ.

The post මැතිවරණ කොමිසම හා පක්ෂ ලේකම්වරුන් අතර විශේෂ සාකච්ඡාවක් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG