සංහිදියාව මිත්‍රශීලීත්වය සහ මිනිසත්කම සදහා මුල්තැන දෙමින් ඒකීය ස්වෛරී රටක් බිහි කිරීමට කටයුතු කරන බව ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. මුලතිව් දිස්ත්‍රික්කයේ මුල්ලියාවලෙයි විනයාහර් ක්‍රීඩාංගණයේ පැවති ජනහමුවට අද එක්වෙමිනුයි සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් පළාත් සභා අපේක්ෂකයන් ලෙස තරග කළ සේලු රාමලිංගම් සහ ජයජීවන් ජයසුදන් යන මහත්වරුන් ද සජිත් ප්‍රේමදාස මහතාට සහාය පළ කරමින් මෙම ජනහමුවට එක් වුණා. ත්‍රස්තවාදය සදහා තම පාලනය තුළදී කිසිදු ඉඩක් නොතබන බවයි සජිත් ප්‍රේමදාස මහතා මෙහිදී අවධාරණය කළේ.
The post මිනිසත්කමට මුල්තැන දෙන සජිත්ගේ වැඩපිළිවෙළ appeared first on ITN News.
Post a Comment