පසුගිය වසරේ ළමුන් 12 දෙනෙකු සහ ඔවුන්ගේ පාපන්දු පුහුණුකරු අතරමංවූ තායිලන්ත තම්ලුවාන් ගුහාව සංචාරකයන් සඳහා යළි විවෘත කළා.
ඒ අනුව සංචාරකයන් දෙදහසකට වැඩි පිරිසක් පළමු දිනයේම එම ගුහාව නැරඹීමට පැමිණ තිබෙනවා. විවෘත කිරීමේ සමාරම්භක උත්සවය වනෝද්‍යානයේදී පැවැත්වුණේ භික්ෂූන්වහන්සේ සහ රජයේ නිලධාරීන්ගේ සහභාගීත්වයෙන්. දින 17 ක් ගුහාවේ අතරමංව සිටි ළමුන් මුදාගැනීමට කිමිදුම්කරුවන් 90 කට වැඩි පිරිසක් එක්වුණා.
ජාත්‍යන්තර ගලවා ගැනීමේ මෙහෙයුමකින් පසුවයි ඔවුන් නිරුපද්‍රිතව බේරාගැනීමට හැකිවුණේ.

?????????????????????????????????????????????????????????
The post තායිලන්ත තම්ලුවාන් ගුහාව සංචාරකයන් සඳහා යළි විවෘත කෙරේ appeared first on ITN News.
Post a Comment