Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

සා/පෙළ විභාගයේ පළමු අදියරේ පිළිතුරු පත‍්‍ර ඇගයීම ලබන 04 වනදායින් අවසන්  

Add comments

සාමාන්‍යපෙළ විභාගයේ පළමු අදියරේ පිළිතුරු පත‍්‍ර ඇගයිීම ලබන 04 වනදායින් අවසන් වනවා.

පාසල් 84 ක ස්ථාපනය කරනු ලැබූ ඇගයීම් මධ්‍යස්ථාන 110 කදී එම කටයුතු සිදුවන බවයි විභාග දෙපාර්තමේන්තුව ප‍්‍රකාශ කළේ. ඉන් පාසල් 47ක් පමණක් ලබන 06 වනදා දක්වා වසා තැබීමට තීරණය කර තිබෙනවා. සෙසු පාසල්වල අධ්‍යයන කටයුතු හෙට (02) දිනයේදි ආරම්භ වන බවයි විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත මහතා නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ. කොළඹ හින්දු විද්‍යාලය , තර්ස්ටන් විද්‍යාලය , මහරගම බුවනෙකබා විද්‍යාලය , පිළියන්දල මධ්‍ය මහා විද්‍යාලය සහ අවිස්සාවේල්ල ශාන්ත මරියා මහා විද්‍යාලය ඊට ඇතුලත්. පානදුර බාලිකා විද්‍යාලය , හොරණ තක්ෂිලා මධ්‍ය විද්‍යාලය , මතුගම සී ඩබ්ලිව් ඩබ්ලිව් කන්නන්ගර මධ්‍ය මහා විද්‍යාලය , ගම්පහ බණ්ඩාරවත්ත පරාක‍්‍රම මහා විද්‍යාලය , භෙනරත්ගොඩ කැප්පෙටිපොල මහා විද්‍යාලය සහ නිට්ටඹුව සංඝබෝධි මහ විද්‍යාලයේ අධ්‍යයන කටයුතු ද භෙට දිනයේදි ආරම්භ වනවා. මාතර කොටුව ජනාධිපති විද්‍යාලය , ශාන්ත සර්වේසස් මහා විද්‍යාලය, අම්බලන්ගොඩ ධර්මශෝක විද්‍යාලය, ඇල්පිටිය ආනන්ද මධ්‍ය මහා විද්‍යාලය , අකුරැස්ස ගොඩපිටිය මධ්‍ය මහා විද්‍යාලය, රත්නපුර සීවලි මධ්‍ය විද්‍යාලය , පැල්මඩුල්ල ගන්කන්ද මධ්‍ය විද්‍යාලය , බලංගොඩ ශ්‍රී‍්‍ර බුද්ධ ජයන්ති මධ්‍ය මහා විද්‍යාලය සහ ඇඹිලිපිටිය ජනාධිපති මධ්‍ය මහා විද්‍යාලය ද භෙට ආරම්භ කරන පාසල් වලට ඇතුලත්.

පුත්තලම ශාන්ත ඇන්ඩෲ මහවිද්‍යාලය, කුරුණෑගල ශාන්ත ආනා විද්‍යාලය, හලාවත ආනන්ද ජාතික පාසල, මහනුවර සීතාදේවි බාලිකා විද්‍යාලය , මහනුවර බද්උද්දින් මහමුද් බාලිකා මහ විද්‍යාලය,තෙල්දෙනිය මධ්‍ය මහා විද්‍යාලය, දඹුල්ල මොහාන් ජයමහ විද්‍යාලය සහ කැකිරාව මධ්‍ය මහා විදයාලයේ අධ්‍යයන කටයුතු ද හෙට (02) දිනයේදි ආරම්භ වන බවයි විභාග දෙපාර්තමේන්තුව පවසන්නේ.

වැල්ලවාය මල්වත්තාවල මධ්‍ය මහා විද්‍යාලය , අම්පාර ඩී එස් සේනානායක ජාතික පාසල , කල්මුණේ වෙස්ලි මහා විද්‍යාලය , මහමුද් බාලිකා මහා විද්‍යාලය , වව්නියාවව දෙමළ මහා විද්‍යාලය , මන්නාරම ශාන්ත සේවියර් පිරිමි විද්‍යාලය, යාපනය හින්දු විද්‍යාලය, හින්දු බාලිකා විද්‍යාලය සහ නෙල්ලිඅඩි මධ්‍ය මහා විද්‍යාලය ද හෙට (02) ආරම්භ වන පාසල් 37 ට ඇතුලත්.

The post සා/පෙළ විභාගයේ පළමු අදියරේ පිළිතුරු පත‍්‍ර ඇගයීම ලබන 04 වනදායින් අවසන් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG