Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ලක්හඬ යළි උපදී  

Add comments

ලක්හඬ ගුවන් විදුලිය අද (01) සිට නව ගමනක් ආරම්භ කිරිමට තීරණය කර තිබෙනවා. ඒ ලක්හඬ ගුවන් විදුලියේ  පෙර පැවති වටිනාකම් සහ හර පද්ධතීන් ද ආරක්ෂා කර ගනිමින්. ලක්හඬ ගුවන් විදුලියේ  සුභාවිත ගීත කලාව , නවමු ආකාරයක වැඩසටහන් සහ අපක්ෂපාතී සමබර ප‍්‍රවෘත්ති ඉදිරිපත් කිරිමට ලක්හඬ ගුවන් විදුලිය අද සිට සූදානම් වෙනවා. ශ්‍රී‍්‍ර ලාංකේය අනන්‍යාව ආරක්ෂා කර ගනිමින් අද සිට ආයෙමත් ආදරෙන් තේමාවෙන් ඔබට ශ‍්‍රවනය කළ හැකි ලක්හඬ ගුවන් විදුලිය ශ‍්‍රාවකයන්ගේ අපේක්ෂා යතාර්ථයක් කිරිමටයි බලාපොරොත්තු වන්නේ.

ජාතික මාධ්‍ය මෙහෙවරක් ඉටුකරමින් අද (01) සිට ලක්හඬ ගුවන් විදුලියෙන් නවමු ආකාරයේ වැඩසටහන් ගණනාවක් ප‍්‍රචාරය කෙරෙනවා.

ලංකාවේ හඬ නැමති විරුදාවලියෙන් ලක්හඬ ගුවන් විදුලිය ආරම්භ කළේ ශ්‍රී‍්‍ර ලාංකේය ජනතාවගේ සන්නිවේදන අවශ්‍යතා සහ අපේක්ෂා ඉටු කිරිම වෙනුවෙන්. 1996 නොවැම්බර් මස 15 වන දින ආරම්භ කළ ලක්හඬ ගුවන් විදුලිය අද දක්වා කාලය තුළ විවිධ වෙනස්කම් වලට ලක්වුණා.

එෆ්එම් නාලිකාවක් ලෙස පසුගිය වසර හතරක කාලය තුළ වෙනස්වූ අප ගුවන් විදුලිය ලක්හඬ ලෙසින් අද සිට ඔබට ශ‍්‍රවනය කළ හැකි වනවා. ලක්හඬ යළි ආරම්භ කිරිම සම්බන්ධයෙන් ලක්හඬ ගුවන් විදුලියේ නිර්මාතෘ සහ පුරෝගාමියා වූ ජ්‍යෙෂ්ට මාධ්‍යවේදි නිව්ටන් ගුණරත්න මහතා සිය ප‍්‍රශංසාව පළකළා.

ජෝතිෂ්‍යවේදියෙකු මෙන්ම පඬ්වරයෙකු වූ අරිසෙන් අහුබුදු මහතා ලංකාවේ හඬ නැමති විරුදාවලියෙන් ලක්හඬ ගුවන් විදුලියට නම් තැබුවා. එය යතාර්ථයක් කරමින් ශ්‍රී‍්‍ර ලංකාවේ මාධ්‍ය ඉතිහාසයේ ප‍්‍රජා සත්කාර සේවාව ආරම්භ කළේ ද ලක්හඬ ගුවන් විදුලියයි.

පසුගිය කාලය තුළ සිදුවූ පසුබෑම් හදුනා ගනිමින් නව ගමනක් ආරම්භ කළ ලක්හඬ ගුවන් විදුලියේ ඉදිරි ගමන සුභදායක වන බවයි විෂය භාර අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා ප‍්‍රකාශ කළේ.

The post ලක්හඬ යළි උපදී appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG