පළාත් 05 කට තද වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඇතැම් ප්‍රදේශවලට මිලිමීටර් 150 ඉක්මවන තද වැසි මෙන්ම තාවකාලිකව තද සුළං ද ඇති වන බවයි එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් දැනුම් දෙන්නේ. මේ අතර නායයාම හේතුවෙන් බදුල්ල පස්සර මාර්ගය තාවකාලිකව වසා දමා තිබෙනවා.
නායයෑම් ලක්ෂණ පිලිබද දැඩි අවදානයක් යොමු කරන ලෙස ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
මේ අතර අද පැවති අධික වර්ෂාව හේතුවෙන් කොළඹ නගරයේ මාර්ග කිහිපයක් ජලයෙන් යටවුණා. ඒ හේතුවෙන් වාහන ගමනාගමනයට බාධා පැමිණ වූ අතර අධික වාහන තදබදයක්ද දක්නට ලැබුණ බවයි අප වාර්තාකරුවන් සදහන් කළේ.
උතුරු ප්‍රදේශයටද තවදුරටත් අධික වැසි ඇද හැලෙමින් පවතිනවා. පහත් බිම් රැසක් ජලයෙන් යටවී ඇති අතර වවුනියාව සෙට්ටිකුලම සහ මහරම්ඹකුලම යන මාර්ගවලද ගමනාගමනයට බාධා එල්ල වී තිබුණා.
The post පළාත් 05 කට තද වැසි appeared first on ITN News.
Post a Comment