ඉන්දියාවේ හිටපු මුදල් අමාත්‍ය පලනිඅප්පන් චිදම්බරම් දින 106 කට පසු ඇපමත නිදහස් කර තිබෙනවා.
දුෂණ චෝදනා රැසක් ඔහුට එල්ලවූ බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ. කොන්දේසි කිහිපයක් මත ඔහු මුදාහැරීමට ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය අද (04) නියෝග කළා. 2007 වසරේ ඉන්දිය මුදල් අමාත්‍යවරයා ලෙස කටයුතු කළ කාලයේදී ලැබුණු විදේශ ආයෝජන කිහිපයකදී වංචා සිදුවූ බවටයි චෝදනා එල්ලවී තිබෙන්නේ.
ඉන්දියාවේ ස්වදේශ අමාත්‍යවරයා ලෙස ද කටයුතු කළ චිදම්බරන්ගේ වයස අවුරුදු 73 ක්.
The post ඉන්දියාවේ හිටපු මුදල් ඇමති දින 106 කට පසු ඇපමත නිදහස් appeared first on ITN News.
Post a Comment