ඇමෙරිකා එක්සත් ජනපදයේ නිව්යෝර්ක් නුවර සිදු වූ පිහි ඇනුමකින් පුද්ගලයන් 5 දෙනෙකු බරපතල තුවාල ලබා තිබෙනවා.
යුදෙව් ආගමික පූජකවරයෙකුගේ නිවසේදී මෙම පිහි ඇනුම සිදුවී ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ. ආගමික උත්සවයක් පැවැත්වෙන අවස්ථාවේදී එම ස්ථානයට කඩා වැදුණු පුද්ගලයෙකු රැඳී සිටි පුද්ගලයන්ට පිහියෙන් ඇනීම සිදුකර තිබෙනවා. අපරාධය සිදුවන අවස්ථාවේදී යුදෙව් ජාතිකයන් රැසක් අදාළ නිවසේ රැඳී සිට තිබෙනවා. සැකකරු පලාගොස් ඇති අතර පසුව පොලීසිය ඔහු අත්අඩංගුවට ගත්තා. ප්‍රහාරකයා මෝටර් රථයක නැගී පලාගොස් ඇති අතර වාහනයේ අංකය අනුව ඔහු සොයා ගැනීමට පොලීසියට හැකිවුණා. එක් පුද්ගලයෙකුට 6 වරක් පිහියෙන් ඇන ඇති බවයි වාර්තා වන්නේ. මෙම අපරාධයට හේතු වූ කරුණු මෙතෙක් හෙළිවී නැහැ. කෙසේ වෙතත් යුදෙව් විරෝධී පුද්ගලයෙකු මෙය සිදුකරන්නට ඇති බවයි විශ්වාස කෙරෙන්නේ. නිව්යෝර්ක් පොලීසියේ ත්‍රස්ත විමර්ශන ඒකකය සඳහන් කරන්නේ මෙම සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් පරික්‍ෂණ ආරම්භ කර ඇති බවයි. පසුගිය වසර කිහිපයක කාලය තුළදී යුදෙව් විරෝධී ප්‍රහාර ඇමෙරිකා එක්සත් ජනපදය තුළ වර්ධනය වෙමින් පවතිනවා.
The post නිව්යෝර්ක් නුවර සිදු වූ පිහි ඇනුමකින් 4 දෙනෙකු බරපතල තුවාල ලබයි appeared first on ITN News.
Post a Comment