Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ජනාධිපති උපදේශකවරයෙකු ලෙස ව්‍යාජව පෙනී සිටි පුද්ගලයා ලබන මස 9 වනදා තෙක් රිමාන්ඩ්  

Add comments

ජනාධිපති උපදේශකවරයෙකු ලෙස ව්‍යාජව පෙනී සිටි පුද්ගලයා ලබන මස 9 වනදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.

මොරටුව ප්‍රදේශයේ ප්‍රසිද්ධ විදුහලක විදුහල්පතිවරයෙකුට තර්ජනය කළ මෙම පුද්ගලයා අත්අඩංගුවට ගත්තේ කොළඹ අපරාධ කොට්ඨාසයයි. ඒ ව්‍යාජලෙස පෙනී සිටිමින් බැන තර්ජනය කර පහරදීම යන චෝදනා යටතේයි. ශ්‍රීයානන්ද තිස්ස ද අල්විස් නමැති මෙම පුද්ගලයා මොරටුව සෙබෙස්තියන් මාවත ප්‍රදේශයේ පදිංචි කරුවෙක්. මොහු හමුදා සේවයෙන් විශ්‍රාම ගත් පුද්ගලයෙකු බවටද හෙළිවී තිබෙනවා. අදාළ පුද්ගලයා සම්බන්ධයෙන් පුළුල පරික්ෂණ සිදු කෙරෙන බව කොළඹ අපරාධ කොට්ඨාසයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක නෙවිල් සිල්වා මහතා ප්‍රකාශ කළා.

 

 

The post ජනාධිපති උපදේශකවරයෙකු ලෙස ව්‍යාජව පෙනී සිටි පුද්ගලයා ලබන මස 9 වනදා තෙක් රිමාන්ඩ් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG