මුහුදු තීරය පිරිසිදු කිරීමේ විශේෂ වැඩපිලිවෙලක් යුද හමුදාව සෑම මසකම අවසාන ඉරිදා දිනයේදී ක්‍රියාත්මක කරනවා. ඒ යටතේ මෝදර කාක දූපතේ වෙරළ තීරය පිරිසිදු කිරීමේ වැඩසටහන අද සිදු කෙරුණේ යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාගේ මූලිකත්වයෙන්
කසලවලින් තොර මුහුදු තීරයක් ඇති කිරීම වැඩසටහනේ අරමුණයි. මෙම වැඩසටහන තවත් වෙරළ තීර කිහිපයක අද දිනය පුරා ක්‍රියාත්මක කෙරුණා. මෝදර කාක දූපතේ මුහුදු තීරය පිරිසිදු කිරීමේ වැඩසටහනට යුද හමුදාපතිවරයා ඇතුළු නිලධාරීන් රැසක් එක්ව සිටියා. ඒ සඳහා ප්‍ර දේශවාසීන්ගේ සහාය ද හිමි වුණා.
වෙරළ පිරිසිදු කිරීමේ වැඩසටහනක් නාවික හමුදාවේ සහභාගීත්වයෙන් ගාලු මුවදොර වෙරළ තීරයේ දී ක්‍රියාත්මක කෙරුණා. ඒ ශ්‍රී ලංකා නාවික හමුදාවේ 69 වෙනි සංවත්සරයට සමගාමීවයි. විශේෂ ජල ක්‍රිඩා වැඩසටහනක් ද මෙහිදී පැවැත්වුණා. නාවික හමුදාපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වා ඇතුළු පිරිසක් මේ සඳහා එක්ව සිටියා.
The post මුහුදු තීරය පිරිසිඳු කිරීමේ විශේෂ වැඩපිලිවෙලක් appeared first on ITN News.
Post a Comment