ප්‍රවීණ ඉංග්‍රීසි මාධ්‍ය නිවේදකයෙකු වූ බෙවිල් පලිහවඩන මහතා අභාවප්‍රාප්ත වුණා. මිය යන විට ඒ මහතා 72 හැවිරිදි වියේයි පසුවුණේ.
1973 වසරේදී ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ ඉංග්‍රීසි සේවයේ සහන නිවේදකයෙකු ලෙස සේවයට බැඳුණු බෙවිල් පලිහවඩන මහතා අයිටීඑන් ඔස්සේ ප්‍රචාරය වූ ෆෑන් ක්ලබ් වැඩසටහන මෙහෙයවමින් ජනප්‍රසාදයක් දිනා ගත්තා. කොළඹ විශ්වවිද්‍යාලයේ උපාධිධාරියකු වූ බෙවින් පලිහවඩන මහතා කලක් රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුවේද සේවය කළා. ඒ මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද පස්වරුවේ බොරැල්ල කනත්තේදී සිදු කිරීමට නියමිතයි.
The post ප්‍රවීණ නිවේදක බෙවිල් පලිහවඩන මහතා අභාවප්‍රාප්ත වෙයි appeared first on ITN News.
Post a Comment