කොළඹ විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යයන අංශයේ 75 වන සංවත්සරය සහ පර්යේෂණ සැසිය එම විශ්වවිද්‍යාලයේ දී පැවැත්වුණා.
සිංහල අධ්‍යයන අංශයේ අංශාධිපති මහාචාර්ය සදගෝමි කෝපරහේවා මහතා ප්රමුඛ ආචාර්ය මණ්ඩලය එය සංවිධානකර තිබුණා.
විශ්වවිද්‍යාලයේ උපකුලපතිනි මහාචාර්ය චන්ද්‍රිකා විජේරත්න මහත්මියගේ ප්‍රධානත්වයෙනුයි උත්සවය පැවැත්වුණේ.
සිංහල අංශයේ 75 වන සංවත්සරය වෙනුවෙන් සංස්කරණය කළ සිංහල අධ්‍යයන අංශයේ වෘත්තාන්තය කෘතිය ඇතුළු කෘති තුනක් එළිදැක්වීම ද මෙහිදී සිදුකෙරුණා.
සිංහල අධ්‍යයනයේ අතුරු මාවත් සහ සිංහල අධ්‍යයනයේ එදා අද සහ හෙට යන කෘති මෙහිදී එළිදැක්වුණු අනෙකුත් කෘති වනවා. හිටපු ආචාර්යවරුන් ඇගයීමට ලක්කරමින් විශේෂ සම්මාන ප්රදානය කිරීම ද මෙහිදී සිදුකෙරුණා.
ශාස්ත්‍ර පීඨයේ පීඨාධිපති මහාචාර්ය ප්‍රේමකුමාර ද සිල්වා, මහාචාර්ය කේ එම් ඕ ධර්මදාස යන මහත්වරුන් ඇතුළු විද්වතුන් රැසක් මෙම අවස්ථාවට එක්වුණා.
The post කොළඹ විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යයන අංශයට 75 වසරක් සපිරෙයි appeared first on ITN News.
Post a Comment