රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අභාවප්‍රාප්ත රංජිත් ද සොයිසා මහතාගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සදහා විශාල පිරිසක් එක්ව සිටිනවා. ඒ මහතාගේ දේහය ගොඩකවෙල, මස්ඉඹුල ප්‍රදේශයේ පිහිටි නිවසේ තැන්පත්කර තිබෙනවා.
සිංගප්පූරුවේ රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී රංජිත් සොයිසා මහතා අභාවප්‍රාප්ත වන විට 57 වන වියෙහි පසුවුණා. 1997 වසරේ සිට මිය යන තුරුම ක්‍රියාකාරී දේශපාලනයේ නිරත වූ ඒ මහතා විශේෂයෙන් රත්නපුර ජනතාවට සිදු කළ මෙහෙවර ඉමහත්. 1997 වසරේ අටකලම්පන්න ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ලෙස පත්වූ රංජිත් සොයිසා මහතා 2004 වසරේ දී සබරගමුව පළාත් සභා අමාත්‍යවරයෙකු ලෙස ජනතා සේවයට එක්වුණා.
අනතුරුව පාර්ලිමේන්තුවට පිවිසි ඒ මහතා සිය ජනතාව වෙනුවෙන් උපරිම මෙහෙවරක් ඉටුකළා. අභාවප්‍රාප්ත රංජිත් සොයිසා මහතාගේ දේහය පිළිබද අවසන් කටයුතු අනිද්දා පස්වරු 2 ට ගොඩකවෙල මහජන ක්‍රීඩාංගනයේදී සිදුකිරීමට නියමිතයි.
The post අභාවප්‍රාප්ත රංජිත් සොයිසා මහතාගේ දේහයට අවසන් ගෞරව දැක්වීමට විශාල පිරිසක් appeared first on ITN News.
Post a Comment