Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

මේ වසරේදී ඩෙංගු රෝගීන් අනුහය දහසක්  

Add comments

2019 වසරේ මේ දක්වා කාලය තුළ ඩෙංගු රෝගීන් අනුහය දහස් තුන්සිය හැත්තෑ එක් දෙනෙකු වාර්තා වී ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය සදහන් කළා.

එය පසුගිය වසරට සාපේක්ෂව වැඩිවීමක් බවයි සංඛ්‍යා දත්ත වාර්තා පෙන්වා දෙන්නේ. වැඩිම රෝගීන් ප‍්‍රමාණයක් වාර්තාවී තිබෙන්නේ බස්නාහිර පලාතෙන් බව ඩෙංගු මර්දන ඒකකයේ අධ්‍යක්ෂ වෛද්‍ය අනුර ජයසේකර මහතා ප‍්‍රකාශ කළා.

මේ අතර ඩෙංගු රෝගය පිලිබදව ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහන් මාලාවේ තවත් අදියරක් කොළඹ කොටුව ප‍්‍රදේශය කේන්ද්‍ර කරගනිමින් පැවැත්වුණා. බස්නාහිර පලාත් ආයුර්වේද දෙපාර්තමේන්තුවයි එය සංවිධාන කළේ. ඖෂධ පැලෑටිය භාවිතයෙන් නිෂ්පාදිත මදුරු මර්දන දූපයක් හදුන්වාදීම සහ ප‍්‍රතිශක්තිකරණය වර්ධනය කිරිමට අවශ්‍ය විශේෂ පේයාවක් හදුන්වාදීමද එම වැඩසටහනේදී සිදුවුණා.

The post මේ වසරේදී ඩෙංගු රෝගීන් අනුහය දහසක් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG