Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

අලි මිනිස් ගැටුම අවම කිරීමට නව වැඩපිළිවෙළක්  

Add comments

අලි මිනිස් ගැටුම අවම කිරීමට වනජීවී සංරක්ෂණ හා සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව එක්ව නව වැඩපිළිවෙළක් ක්‍රියාවට නැංවීමට කටයුතු යොදා තිබෙනවා.

අලි මිනිස් ගැටුම අවම කිරීමට ක්‍රියාත්මක කඩිනම් කළමනාකරණ වැඩපිළිවෙළ යටතේ නව වැඩසටහන ක්‍රියාවට නැංවීමටයි පියවර ගෙන ඇත්තේ. අලින්ගෙන් පීඩා විදින ජනතාවට සහන සැලසීම සදහා තොරතුරු ලබාගැනීමට නව දුරකතන අංකයක් ද හදුන්වාදී තිබෙනවා.

1992 දරණ හදිසි සේවා දුරකතන අංකයට දවසේ පැය 24 පුරා ඇමතුම් ලබාදිය හැකියි. අමාත්‍ය එස්එම් චන්ද්‍රසේන මහතාගේ උපදෙස් මත එය හදුන්වා දී ඇති අතර මෙහිදී වනජීවී සංරක්ෂණ හා සිවිල් ආරක්ෂණ දෙපාර්තමේන්තුව ඒකාබද්ධව සහන කටයුතු ක්‍රියාවට නැංවීමටයි පියවර ගෙන ඇත්තේ.

මේ අතර මේ දිනවල දඹුල්ල හබරන මාර්ගයේ දිගම්පතන රක්ෂිතයේ වන අලි වැඩිවශයෙන් ගැවසෙන බැවින් බොහෝ පිරිස් අලි නැරඹීමට අනාරක්ෂිත අයුරින් කටයුතු කරන බවට තොරතුරු වාර්තා වී තිබෙනවා. දිවා කාලයේ මෙන්ම රාත්‍රී කාලයේ ද මාර්ගය ආසන්නයේ සිටින අලි නැරඹීමටත්,  ඡායාරූප ගැනීම ආදියත් බොහෝ දෙනා සිදුකරන්නේ ආරක්ෂාව පිළිබද නොසලකාහරිමින් බවයි වනජීවී නිලධාරීන් පෙන්වා දෙන්නේ.

එහෙයින් මෙවැනි ක්‍රියාවලින් වැළකී සිටින ලෙස එම නිලධාරීන් ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

 

 

 

The post අලි මිනිස් ගැටුම අවම කිරීමට නව වැඩපිළිවෙළක් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG