Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ජාතික රුක්රෝපණ සතිය වෙනුවෙන් වැඩසටහන් රැසක්  

Add comments

ලස්සන රටක් නිර්මාණය කිරීමේ අරමුණ සහිතව ආරම්භ කෙරුණු වැඩසටහන් දිවයින පුරා සාර්ථකව ක්‍රියාත්මක කෙරෙනවා.

සෞභාග්‍යයේ දැක්ම රට ගොඩනැගීමේ වැඩපිළිවෙලට අනුව ශ්‍රී ලංකාවේ වන ගනත්වය ඉහළ නැංවීම අරමුණින් හැදෙන රටට වැඩෙන ගසක් ජාතික රුක්රෝපණ වැඩසටහන ක්‍රියාත්මක කෙරෙනවා. අනිද්දා සිට සතියක කාලයක් ජාතික රුක්රෝපණ සතිය ලෙස නම්කර ඇති අතර එහි සමාරම්භක උත්සවය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අනුරාධපුර මහමෙවුනා අසපුවේදී පැවැත්වීමට නියමිතයි. ඊට සමගාමීව ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය ද වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කිරීමට කටයුතු යොදා තිබෙනවා. රුක්රෝපණ වැඩසටහන තුළදී පැල ලක්ෂ පහක් රෝපණය කිරීම අපේක්ෂාවයි.

වෙරළතීරය පිරිසිදු කිරීමේ වැඩසටහන්ද ලස්ස රටක් නිර්මාණය කිරීමේ ව්‍යාපෘතිය යටතේ ක්‍රියාත්මකයි. ඒ අනුව හික්කඩුව වෙරළතීරය පවිත්‍ර කිරීම හික්කඩුව නගර සභාව සහ පොලීසිය එක්ව සිදුකෙරුණා. හික්කඩුවේ සිට තිරානගම දක්වා වෙරළතීරය පිරිසිදු කිරීමට බොහෝ පිරිසක් එක්ව සිටියා.

කළුතර නගරයට ආසන්නව පිහිටි දක්ෂිණ අධිවේගී මාර්ගයේ කැරෑකැටිය පාලම සහිත තාප්පය සිතුවම් කිරීමට පාසල් දරුවන් එක්ව සිටිනවා. අඩි 84 ක දිගින් යුතු තාප්පකුයි සිතුවම් කිරීම ආරම්භකර තිබෙන්නේ.

 

The post ජාතික රුක්රෝපණ සතිය වෙනුවෙන් වැඩසටහන් රැසක් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG