Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

පාඨලී අත්අඩංගුවට ගැනීම නීත්‍යානුකූලව බව වැඩබලන පොලිස්පති කියයි  

Add comments

පාර්ලිමේන්තු මන්තී‍්‍ර පාඨලී චම්පික රණවක මහතා අත්අඩංගුවට ගැනීම නිත්‍යානුකූලව සිදුව ඇති බව වැඩබලන පොලිස්පති සී ඩී වික‍්‍රමරත්න මහතා ජාතික පොලිස් කොමිසමට දැනුම් දුන්නා.

පාර්ලිමේන්තු මන්තී‍්‍රවරයෙකු අත්අඩංගුවට ගැනීමේදී අනුගමනය කරන ක‍්‍රමවේදය යටතේ එම කි‍්‍රයාවලිය සිදුවූ බවයි වැඩබලන පොලිස්පතිවරයා සඳහන් කර තිබෙන්නේ. එම අත්අඩංගුවට ගැනීම නියමිත ක‍්‍රමවේදයක් යටතේ සිදුව නොමැති බව දක්වමින් නියෝජ්‍ය කථානායක ආනන්ද කුමාරසිරි මහතා ජාතික පොලිස් කොමිසමට ලිපියක් යොමුකර තිබුණා. ඒ අනුවයි පොලිස් කොමිසම වැඩබලන පොලිස්පතිවරයාගෙන් වර්තාවක් කැඳවීමට පියවර ගත්තේ. එම අත්අඩංගුවට ගැනීමේ කි‍්‍රයාවලිය සම්බන්ධයෙන් වැඩබලන පොලිස්පති සී ඩී වික‍්‍රමරත්න මහතා කථානායකවරයා ද දැනුවත් කර තිබෙනවා.

The post පාඨලී අත්අඩංගුවට ගැනීම නීත්‍යානුකූලව බව වැඩබලන පොලිස්පති කියයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG