ඕස්ට්‍රේලියාවේ සිටින සරණාගතයින්ට රට තුළදී ප්‍රතිකාර ලබා ගැනීමට ඉඩ සලසා තිබූ නීතිය අවලංගු කර තිබෙනවා.
පසුගිය පෙබරවාරි මාසයේදී මෙම යෝජනාව ඉදිරිපත් කළේ විපක්ෂ මන්ත්‍රීවරුන්. එහෙත් අග්‍රාමාත්‍ය ස්කොට් මොරිසන් පවසන්නේ මෙය ජාතික ආරක්ෂාවට තර්ජනයක් බවයි. එම නීතිය අවලංගු කිරීමට ගත් තීරණය අමානුෂීය බව පවසමින් දැඩි විවේචන පසුගිය කාලයේදී එල්ල වුණා. 2013 වසරේදී බෝට්ටු මඟින් පැමිණෙන සංක්‍රමණිකයින් නාවුරු සහ පැපුවා නිව්ගීනියා දූපත්වල පිහිටි රැදවුම් මධ්‍යස්ථානවලට යොමු කිරීමට ඕස්ට්‍රේලියා රජය පියවර ගෙන තිබෙනවා.
The post ඕස්ට්‍රේලියාවේ සිටින සරණාගතයින්ට රට තුළදී ප්‍රතිකාර ලබා ගැනීමට ඉඩ සලසා තිබූ නීතිය අවලංගු කෙරේ appeared first on ITN News.
Post a Comment