එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායමේ රැස්වීමක් හෙට (05) පැවැත්වෙනවා. ඒ සිරිකොත පක්ෂ මුලස්ථානයේදී.
විපක්ෂ නායක ධුරය සහ පක්ෂ නායකත්වය සම්බන්ධයෙන් මතුව ඇති ගැටලු පිලිබදව සාකච්ඡා කිරිමයි අරමුණ. හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට විපක්ෂ නායක ධුරය ලබාදෙන ලෙස එහි මහලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා ඉල්ලිමක් කළා.
එහෙත් තවත් පිරිසක් ප්‍රකාශ කළේ විපක්ෂ නායක ධුරය සජිත් පේ‍්‍රමදාස මහතාට ලැබිය යුතු බවයි.හෙට (05) පැවැත්වෙන රැස්වීමේදී විපක්ෂ නායක ධුරය පිලිබද අවසන් තීන්දුව ගනු ඇති බවයි පාර්ලිමේන්තු මන්ත්‍රි කාවින්ද ජයවර්ධන මහතා සදහන් කළේ.
The post එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායමේ රැස්වීමක් හෙට appeared first on ITN News.
Post a Comment