Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

කොකේන් ටොන් හතරක් උරුගුවේ රාජ්‍යයෙන් සොයා ගැනේ  

Add comments

රට තුළින් මෙතෙක් හමුවූ වැඩිම මත්ද්‍රව්‍ය තොගය සොයාගත් බව උරුගුවේ රාජ්‍යය ප‍්‍රකාශ කළා.

කොකේන් මත්ද්‍රව්‍ය මෙටි‍්‍රක් ටොන් 4.4 ක් සොයාගත් බවයි විදෙස් වාර්තාවල දැක්වෙන්නේ. ඒ නාවික හමුදාව සහ රේගුව එක්ව සිදුකළ ඒකාබද්ධ මෙහෙයුමකදී. මොන්ටෙවීඩියෝ වරාය තුළ තිබී මෙම මත්ද්‍රව්‍ය තොගය සොයාගෙන තිබෙනවා.

පිටි සහිත ඇසුරුම් හතරක ඒවා සඟවා තිබූ බවයි පරීක්ෂණය සිදුකළ කණ්ඩායම් සඳහන් කළේ. මත්ද්‍රව්‍ය තොගයේ වටිනාකම පවුම් මිලියන 765 ක්. යුරෝපා කලාපය පුරා ඒවා අළෙවි කිරීමට සූදානම් කර තිබූ බවයි උරුගුවේ බලධාරීන් සඳහන් කළේ.

The post කොකේන් ටොන් හතරක් උරුගුවේ රාජ්‍යයෙන් සොයා ගැනේ appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG