Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

චිලි රාජ්‍යයේ උද්ඝෝෂණ තවදුරටත්  

Add comments

චිලි රාජ්‍යයේ ගැටුම් හේතුවෙන් එරට ප‍්‍රධාන පෙළේ සංස්කෘතික මධ්‍යස්ථානයක් විනාශවී තිබෙනවා.

ප‍්‍රචණ්ඩාකාරී ලෙස හැසිරෙන පිරිස් පාලනය කිරීම සඳහා පොලීසිය එල්ල කළ ප‍්‍රහාරයක් හේතුවෙන් ගින්නක් හටගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. ගිනි ගැනීම හේතුවෙන් චිලි රාජ්‍යයේ අගනුවර වන සන්තියාගෝ හි පිහිටි සංස්කෘතික මධ්‍යස්ථානය සම්පූර්ණයෙන්ම විනාශවී ගොස් ඇති බව ද එම වාර්තාවල සඳහන්.

ප‍්‍රවාහන ගාස්තු ඉහළ දැමීම ඇතුලු කරුණු කිහිපයක් මුල්කර ගනිමින් මීට මාස දෙකකට පෙර සිටයි චිලි රාජ්‍යයේ විරෝධතා ඇති වුණේ.

The post චිලි රාජ්‍යයේ උද්ඝෝෂණ තවදුරටත් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG