ඕස්ට්‍රේලියාවේ ගිනි නිවීම සඳහා එක්ව සිටින ස්වේච්ඡා ගිනි නිවන භටයින්ට වන්දි ලබා දීමට එරට රජය තීරණය කර තිබෙනවා.
සිය රැකියා කාලය මිඩංගු කොට ගිනි නිවීම සඳහා එක්ව සිටීම වෙනුවෙන් ඔවුන්ට මෙසේ වන්දි පිරිනැමීමටයි කටයුතු කර ඇත්තේ. ඇමෙරිකා ඩොලර් 4200 සිට ඉහළට මෙම වන්දි ලබා දෙනු ඇති. ඕස්ට්‍රේලියාවේ විශාලතම නගරය වන සිඩ්නි නගරයේ ලැව් ගිනි සියයක් පමණ ඇතිවී තිබෙනවා. නිව් සවුත්වෙල්ස් , වික්ටෝරියා සහ ඕස්ට්‍රේලියාවේ දකුණු ප්‍ර දේශයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 40 ඉක්මවා යන බව සඳහන්. ගිනි නිවීම සඳහා හැත්තෑ දහසක පමණ පිරිසක් එක්ව සිටින අතර ඔවුන්ගෙන් වැඩි පිරිසක් ස්වෙච්ඡා සේවකයින්.
මේ අතර ඕස්ට්‍රේලියාවේ ලැව් ගිනි හේතුවෙන් දහස් ගණනක් කෝලා වලසුන් මිය ගොස් ඇති බව එරට පරිසර අමාත්‍යාංශය පවසනවා. නිව්සවුත්වෙල්ස් ප්‍රාන්තයේ කෝලා වලසුන් විසිඅට දහසක් පමණ ජීවත්ව සිටි බව සඳහන්. නමුත් ඔවුන්ගෙන් බොහෝ දෙනෙකු ලැව් ගිනි හේතුවෙන් විනාශ වී ඇති බවට සැක පළ කෙරෙනවා. කෝලා වාසස්ථානවලින් 30%ක් ලැව්ගිනි වලින් විනාශ වී තිබෙනවා.
The post ඕස්ට්‍රේලියාවේ ගිනි නිවන ස්වේච්ඡා සේවකයන්ට වන්දි appeared first on ITN News.
Post a Comment