Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

හම්බන්තොට වරායේ වැඩිම වාහන ආනයනය හා ප්‍රතිඅපනයනය ගත වූ දින පහ තුළ  

Add comments

මේ වසර තුළ හම්බන්තොට වරායේ වැඩිම වාහන ආනයනය හා ප්‍රතිඅපනයනය ගත වූ දින පහ තුළ වාර්තා වනවා.

පසුගිය පළමුවනදා සිට ඊයේ දක්වා හම්බන්තොට වරාය තුළදී වාහන දාහතර දහස් තුන්සිය එකොළහක් ප්‍රතිඅපනයනය සහ ආනයනය කර තිබෙනවා.

මේ සදහා නෞකා පහක් පැමිණ තිබෙන බවයි වරාය නිලධාරීන් පවසන්නේ. ඒ මුම්බායි චෙන්නායි සහ සිංගප්පූරුවේ සිටයි. මුම්බායි සිට පැමිණි නෞකා තුනක් පිළිවෙළින් වාහන එක්දහස් තුන්සිය තිස් හතක, එක්දහස් පනස් පහක් සහ පන්දහස් අටසිය අනූ හයක් ආනයනය සහ ප්‍රතිඅපනයනය සදහා රැගෙනවිත් තිබෙනවා.

සිංගප්පූරුවේ සිට පැමිණි ලියෝලීඩර් නෞකාව රැගෙන ආ වාහන සංඛ්‍යාව එක්දහස් හාරසිය හැට දෙකක්. චෙන්නායි සිට පැමිණි නෞකාවක්ද වාහන තුන්දහස් පන්සිය හැට එකක්  ආනයනය සහ ප්‍රතිඅපනයනය සදහා හම්බන්තොට වරායට රැගෙන විත් තිබෙනවා.

 

 

The post හම්බන්තොට වරායේ වැඩිම වාහන ආනයනය හා ප්‍රතිඅපනයනය ගත වූ දින පහ තුළ appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG