හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ වාර්තාව බන්ධනාගාර කොමසාරිස්වරයා වෙත ලබා දීමට පියවර ගෙන තිබෙනවා.
බන්ධනාගාර වෛද්‍යවරියක් මන්ත්‍රිවරයාගේ සෞඛ්‍ය තත්ත්වය ඊයේ නිරීක්ෂණය කළා. සේනාරත්න මහතා බන්ධනාගාර රෝහලට රැගෙන යාමේ හැකියාවක් පවතී ද සහ තවදුරටත් ප්‍රතිකාර අවශ්‍යද යන්න පිළිබඳව සොයා බැලීමයි අරමුණ. පසුගිය ජනාධිපතිවරණ සමයේ ආන්දෝලනාත්මක සුදු වෑන් මාධ්‍ය හමුව මෙහෙයවීම සම්බන්ධයෙන් රාජිත සේනාරත්න මහතා අත්අඩංගුවට ගනු ලැබුවේ නාරාහේන්පිට පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදීයි. ලබන 30 වනදා දක්වා ඔහු රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ශලනි පෙරේරා මහත්මිය නියෝග කළා.
The post හිටපු ඇමති රාජිතගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ වාර්තාව බන්ධනාගාර කොමසාරිස්වරයාට appeared first on ITN News.
Post a Comment