කෙන්යාවේ කිසුමු ප්‍රදේශයට ඇතිවූ ගංවතුරෙන් පවුල් හය දහසකට බලපෑම් එල්ලවී තිබෙනවා.
පසුගිය 25 වනදා සිට නොකඩවා ඇදහැලෙන වර්ෂාව හේතුවෙන් මෙම ප්‍රදේශයේ ගංවතුර තත්ත්වයක් හට ගෙන ඇති බව සඳහන්. ජනතාවට රැඳී සිටීමට පවා කිසිඳු වියලි ප්‍රදේශයක් නොමැති බවයි එරට වාර්තා සඳහන් කරන්නේ. විපතට පත් ජනතාවට අත්‍යවශ්‍ය ආධාර නොමැති වීම හේතුවෙන් ඔවුන් බලවත් අපහසුතාවන්ට මුහුණ දී සිටිනවා. ඉන්දීය සාගර කලාපයේ අසාමාන්‍ය ලෙස උෂ්ණත්වය වැඩිවීම හේතුවෙන් නැගෙනහිර අප්‍රිකා කලාපයට බලාපොරොත්තු නොවු ලෙස වර්ෂාවක් ඇද හැලෙමින් පවතිනවා. ගංවතුර , නාය යාම් සහ සුළි කුණාටු වැනි තත්ත්වයන් හේතුවෙන් මෙම වසරේ දී දකුණු සහ නැගෙනහිර අප්‍රිකා කලාපයේ පුද්ගලයින් 1200 දෙනෙකු මිය ගොස් තිබෙනවා.
The post කෙන්යාවේ කිසුමු ප්‍රදේශයට ඇතිවූ ගංවතුරෙන් පවුල් හය දහසකට බලපෑම් appeared first on ITN News.
Post a Comment