අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද උදෑසන අනුරාධපුර ජය ශ්‍රී මහා බෝ සමිදුන් වැදපුදාගෙන ආශිර්වාද ලබාගත්තා.
අටමස්ථානාධිපති ආචාර්ය පූජ්‍ය පල්ලේගම සිරිනිවාස ස්වාමීන් වහන්සේ බැහැදුටු අග්‍රාමාත්‍යවරයා උන්වහන්සේගේ සුවදුක් විමසා බැලුවා. ඉන් අනතුරුව ජයශ්‍රී මහා බෝ සමිදුන් වෙත පැමිණ ආගමික වතාවත්වල නිරත වුණා. මැතිඇමතිවරුන් ඇතුළු පිරිසක් ද මෙම අස්ථාවට එක්ව සිටියා.
රුවන්වැලි සෑ චෛත්‍යාරාමාධිපති පූජ්‍ය පල්ලේගම හේමරතන ස්වාමීන් වහන්සේ ද හමුවූ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා උන්වහන්සේගේ සුවදුක් විමසා බලා ආශිර්වාද ලබාගත්තා.
ඉන් අනතුරුව රුවන්වැලි මහා සෑ රදුන් වෙත පැමිණි අග්‍රාමාත්‍යවරයා ආගමික වතාවත්වල නිරත වුණා.
මිරිසවැටිය විහාරාධිකාරී පුජ්‍ය ඊතලවැටුණු වැවේ ඥානතිලක ස්වාමීන් වහන්සේ බැහැදැක ආශිර්වාද ලබාගැනීමට ද අග්‍රාමාත්‍යවරයා කටයුතු කළා.
ඉන් අනතුරුව ශ්‍රී සම්බුද්ධ ජයන්ති විහාරය වෙත පැමිණී අග්‍රාමාත්‍යවරයා විහාරාධිපති නුගේතැන්නේ පඤ්ඤානන්ද ස්වාමීන්වහන්සේගේ සුවදුක් විමසා බැලුවා.
The post අගමැති ජය ශ්‍රී මහා බෝ සමිදුන් වැදපුදා ගනී appeared first on ITN News.
Post a Comment