ඇමරිකානු ඩොලර් මිලියනයක වටිනාකමින් යුතු ව්‍යාජ මුදල් නෝට්ටුවක් අළෙවි කිරීමට උත්සාහ කළ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ තබලගමුව මොල්ලිපොතාන ප‍්‍රදේශයේදී. පොලිස් විශේෂ කාර්ය බලකායයි වැටලීම සිදුකළේ. සැකකරු ළඟ තිබී පිත්තල තැටියක්, පිත්තල කාසියක් සහ ඊට අදාළ ලියකියවිලි ද සොයා ගත්තා. මෙවැනි ඩොලර් මිලියනයක වටිනාකමින් යුතු මුදල් නෝට්ටු ඇමරිකානු මධ්‍යම සංචිතය මගින් නිකුත් කරන්නේ නැහැ.
ඒ අනුව ඒවා නිත්‍යානුකූල මුදල් නෝට්ටු නොවන බවයි පොලිස් විශේෂ කාර්ය බලකාය සඳහන් කළේ.
The post ඇමරිකානු ඩොලර් මිලියනයක ව්‍යාජ මුදල් නෝට්ටුවක් අළෙවි කිරීමට උත්සාහ කළ පුද්ගලයෙකු අත්අඩංගුවට appeared first on ITN News.
Post a Comment