බි‍්‍රතාන්‍ය කන්සර්වෙටිව් පක්ෂය සිය ප‍්‍රතිපත්ති ප‍්‍රකාශය සම්බන්ධයෙන් ශ‍්‍රී ලංකා මහ කොමසාරිස්වරියට කරුණු පැහැදිළි කළා.
ඒ, මහ කොමසාරිස් මනීෂා ගුණසේකර මහත්මිය යොමු කළ ලිපියට පිළිතුරු දක්වමින්. ශ‍්‍රී ලංකාව තුළ රාජ්‍යයන් දෙකක් බිහිකළ යුතු බවට කොන්සර්වෙටිව් පක්ෂයේ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශය මගින් කරුණු ඉදිරිපත් කර තිබෙනවා. එවැනි අදහසක් කිසිසේත් අනුමත කළ නොහැකි බවයි මහ කොමසාරිස්වරිය සඳහන් කළේ. මීට පෙර බි‍්‍රතාන්‍ය කිසිදු දේශපාලන පක්ෂයක් මෙවැනි ස්ථාවරත්වයක් ප‍්‍රකාශයට පත් කර නැහැ. එමගින් අන්තවාදී පිරිස්වලට අනුබලයක් ලැබෙන බවයි මහකොමසාරිස්වරිය පවසන්නේ.
කෙසේවෙතත්, කන්සර්වෙටිව් පක්ෂ නියෝජ්‍ය සභාපති පෝල්ස් කලී පවසන්නේ, ශ‍්‍රී ලංකාව සම්බන්ධ තම ප‍්‍රතිපත්තියේ වෙනසක් නොමැති බවයි. රාජ්‍යයන් දෙකක් පිළිබඳ ප‍්‍රකාශය ඊශ‍්‍රායල් පලස්තීන තත්ත්වයට පමණක් අදාළ බවටත් කරුණු පැහැදිළි කර තිබෙනවා. ශ‍්‍රී ලංකාව හා සයිප‍්‍රසය පිළිබඳව අදහස සාමය හා ප‍්‍රතිසන්ධානය පවත්වාගෙන යාමට සහාය ලබාදීමක් පමණක් බවයි ඔවුන් සඳහන් කළේ.
The post කන්සර්වේටිව් පක්ෂය සිය ප‍්‍රතිපත්ති ප‍්‍රකාශය ගැන ශ‍්‍රී ලංකා මහකොමසාරිස්වරියට කරුණු පැහැදිලි කරයි appeared first on ITN News.
Post a Comment