Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ගානියා අධිකරණයට රැගෙන එයි  

Add comments

අපරාධ පරික්‍ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රක්‍ෂිත බන්ධනාගාරගත කෙරුණු ගානියා බැනිස්ටර් ෆ්‍රැන්සිස් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය වෙත අද රැගෙන ආවා.

ස්විස් තානාපති කාර්යාලයේ සේවිකාවක වන ගානියා බැනිස්ටර් ෆ්‍රැන්සිස් අත්අඩංගුවට ගැනුණේ රජය අපකීර්තියට පත් කරන අයුරින් සාවද්‍ය ප්‍රකාශ නිකුත් කිරීම හා සාක්‍ෂි ඉදිරිපත් කිරීම යන චෝදනා යටතේයි. යම් පිරිසක් තමා පැහැර ගෙන ගොස් ප්‍රශ්න කළ බව හා ලිංගික අපයෝජනයට ලක් කළ බවට ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සිදු කිරීමත් සමග ඒ පිළිබඳ කඩිනමින් පරික්‍ෂණ ආරම්භ කෙරුණා. ඒ අනුව සිදු කළ ප්‍රශ්න කිරීම් හමුවේ ඇය ලබා දුන් පිළිතුරු පරස්පර වීම හේතුවෙන් වැඩිදුරටත් පරික්‍ෂණ ක්‍රියාත්මක කෙරුණා. මේ අතර ස්විට්සර්ලන්ත තානාපතිවරයාගේ නිල නිවසේදී ඇයගෙන් ප්‍රකාශ සටහන් කර ගන්නා ලෙස ඇය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා කළ ඉල්ලීම ද අධිකරණය ප්‍රතික්ෂේප කළා. අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ ඇය රක්‍ෂිත බන්ධනාගාරගත කෙරුණා. රක්‍ෂිත බන්ධනාගාරගත කිරීමෙන් පසුව ඇය විශේෂඥ මනෝ වෛද්‍ය මණ්ඩලයක් හමුවට ද  ඉදිරිපත් කෙරුණා.

 

 

The post ගානියා අධිකරණයට රැගෙන එයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG